Gmail වලින් ස්පෑම් වලට වැට බදීන්න බැරිද?

දිනපතා ලැබෙන ස්පෑම් ඊ මේල් පණිවුඩ, ජී මේල් භවිතා කරන ඔබ මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් වන බව නොරහසක්.

මෙන්න එයට සරල විසඳුමක්.


පහල ඇති ලින්ක් එකෙන් පෙර සැකසූ ජී මේල් ෆිල්ටර් ෆයිල් එක භාගත කරගන්න.



 http://www.sandun.lk/dls/mailFilters.xml


ජී මේල් ගිණුමේ SETTINGS -> FILTERS වෙත යන්න
Import filters ක්ලික් කරන්න . ඔබ විසින් භාගත කරගත් ෆයිල් එක Browse කර තෝරා Open File බට්න් එක ක්ලික් කරන්න.

ඔබට දැනට ලැබී තිබෙන ස්පෑම් ඊ මේල් ඉවත් කිරීමට අවශ්ය නම් Apply new filters to existing email. මත හරි සලකුන යොදන්න.


Create Filters බට්න් එක ක්ලික් කරන්න.


Import filters පහසුකම සක්‍රීය කර නොමැති නම් LABS වෙත යන්න.. එහි ඇති Filter import/export හි Enable තෝරා පහල ඇති Save Changes මත ක්ලික් කරන්න.
ඔබගෙ ජී මේල් ගිණුම නැවත විවෘත වන තුරු මඳක් සිටින්න.. නැවත Settings -> Filters වෙත යන්න
.
 

මෙහිදී ෆිල්ටර් දෙකක් නිර්මාණය වනු ඇත.

එකක් භවිතා වන්නේ ඊ මේල් ලිපිනයෙන්ම / අදල අඩවි නාමයෙන් ලැබෙන පණිවුඩ අවහිර කිරිම සඳහායි.

අනෙක භාවිතා වන්නේ ඊ මේලයෙහි අන්තර්ගතවන කොටසකින් එවැනි ස්පෑම් පණිවුඩ අවහිර කිරිම සඳහායි.

එපමණයි.

දැන් ඔබ කැමති ඕනෑම වෙලාවක ඉහත සාදන ලද ෆිල්ටර්ස් වෙනස් කිරීමට පුලුවන්. අලුත් ස්පෑම් ලිපිනයක් හමු උනොත් එයද ඔබගෙ අදාල ෆිල්ටරයට ඇතුලත් කරගන්න.


------------------------------

මෙය ගූගල් විසින් වෙනත් අඩවි නාම සඳහා ලබා දෙනු ලබන ඊ මේල් ගිණුම් සඳහාද භවිතා කල හැක.


copyright-ek

No comments:

Post a Comment